2026 වසරේ දී ඩොලර් බිලියන විස්සක අපනයන ආදායමක් රජය අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. එය 2025 වසරට සාපේක්ෂව 10% ක වර්ධනයකි.
භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 15.7 ක ආදායමක් 2026 වසරේ දී ඉපැයීමට අපේක්ෂා කරන අතර, සේවා අපනයනයෙන් ඉපැයීමට අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 4.3 කි.
2026 වසරේ අපේක්ෂිත ඩොලර් බිලියන විස්සක අපනයන ආදායම, 2030 වසරේ අපේක්ෂිත ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කය සමග සමපාත වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.





