සුවිශේෂී සිනහවෙන් සහ හාස්‍යජනක රංගනයන්ගෙන් සිනමා රසිකයින් පිනවූ ජනප්‍රිය ඉන්දීය දෙමළ සිනමා හාස්‍ය රංග නළු මදන් බොබ් (Madhan Bob) අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ සමීප ආරංචි මාර්ග පැවසුවේ, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු ඊයේ (සෙනසුරාදා) මියගිය බවයි.
මිය යන විට ඔහු වයස අවුරුදු 71ක් විය. පිළිකා රෝගයකින් පෙළුණු ඔහු, ඊයේ සෙනසුරාදා සවස සිය අඩියාර් (Adyar) නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහුගේ කැපී පෙනෙන චරිත අතරට, තෙනාලි (Thenali) චිත්‍රපටයේ ‘ඩයමන්ඩ් බාබු’ (Diamond Babu) චරිතය සහ ෆ්‍රෙන්ඩ්ස් (Friends) චිත්‍රපටයේ ‘කළමනාකරු සුන්දරේසන්’ (Manager Sundaresan) චරිතය ඇතුළත් වේ. ඔහු රඟපෑ ඕනෑම චරිතයකින්, ඔහුගේ විශිෂ්ට රංගන කුසලතා හරහා ප්‍රේක්ෂකයින් මහ හඬින් සිනහ ගැන්වීමට සමත් විය. (හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)