ගොවි ජනයා මෙවර ජයටම අවුරුදු සැමරූ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. සිය ගමේ ගොවීන් දෙදෙනෙකු වී විකුණා වෑන් රථයක් සහ ට්‍රැක්ටරයක් පවා මිලට ගත් බවත් ඔහු සඳහන් කළේ ය.
පසුගිය වසරවලට සාපේක්ෂව ජනතාව මෙවර ජයටම අවුරුදු සැමරූ බව කී නි. ඇමැතිවරයා ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර වැඩි කිරීම සහ බඩු මිල අඩු කිරීම මෙයට හේතු වූ බව පැහැදිලි කළේ ය.