/ Aug 12, 2025

පුතු සමඟ පියාත් අවසන් ගමන් යයි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඔරුවක නැගී පරාක්‍රම සමුද්‍රයේ දියනෑමට ගොස් ඇති බව සඳහන්ය.

ඔරුව පෙරලී යන අවස්තාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි පුත්‍රයා වන අතර ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවන්බව සඳහන් වේ.

මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top