/ Aug 07, 2025

දියණිය රකින්න නන්චක්කුවක් ගෙනා පියා දැලේ!

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක් ,පිහියක් හා කරාටේ ක්‍රීඩාවේ දී භාවිතා කරන නන්ක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෙරහර මාර්ගයේ යටිනුවර හන්දියේ මාර්ග බාධකයේදී ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂාව සිදුකරමින් සිටි පොලිස් නිළධාරියාට එම සැකකටයුතු පුද්ගලයා හමුවී ඇති බව වාර්තා වෙයි.

ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ තම දියණියගේ ආරක්ෂාව සඳහා මෙම භාණ්ඩ රැගෙන ආ බවය.පසුව එම පුද්ගලයා හා ඔහුගේ දියණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top