/ Jun 08, 2025

ගොඩනැගිල්ලකින් ඇදවැටී දෙදරු පියෙක් මරුට

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියගොස් තිබේ.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියක් මෙලෙස මිය ගොස් ඇති බවයි වැල්ලවත්ත පොලිසිය පවසන්නේ .

අදාළ පුද්ගලයා දැනට වසර 3ක සිට වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සේවකයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top