/ Jan 24, 2026

අයිස් නිපදවන්න ගිය පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමෙන් ගිනි අවිත් මතු වේ!

හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය තිබූ භූමිය තුළ තිබියදි ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ (06) සොයා ගෙන තිබේ.

එහිදී එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක් T 56 ගිනි අවිස සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් එම නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරි යන අය අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගෙනා රසායන ද්‍රව්‍ය කිලෝ 50000ක් සිය ඉඩමේ සඟවා තැබීම නිසාවෙන් අත්අඩංගුවට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top