2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු ආරම්භ වන අතර මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බව පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන ළමුන් වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනයෙන් කිසිදු දරුවෙකු පිටමං නොවි යුතු බව ද සඳහන් කරයි.





