/ Jan 07, 2026

හොර අරක්කු නිසා පහකට දිවි අහිමි වෙලා. තවත් දෙදෙනෙක් රෝහලේ!

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

තවත් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

අදාළ මරණ වලට හේතුව වී ඇත්තේ නීති විරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් භාවිතා කිරීම බවට පොලීසිය සක පළ කර ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක, වාහන අලුත්වැඩියා කරන ස්ථානයක ඇතුළු ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකි.

මීට දින දෙකකට පෙර මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති අතර පසුගිය දිනවල ඔවුන්ටයම් සංකූලතා මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ අතරින් දෙදෙනෙක් අද පෙරවරුවේ එම ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට ඇති අතර තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ. මේ අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකුද අද පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බව සඳහන්.

එසේම එම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top