/ Mar 28, 2026

ප්‍රථම වරට යේමනයෙන් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක්!

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර එය යේමනය විසින් තහවුරු කර තිබේ.

පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර තිබුණු අතර ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට ඊයේ (27) රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ.

යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි.

නමුත් මෙම ප්‍රහාරයත් සමඟ තත්ත්වය වෙනස් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top