/ Feb 21, 2026

ඉතිහාසයේ ප්‍රථම වරට වනජීවී ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා පදක්කම් පළන්දයි!

ශ්‍රී ලංකා වනජීවී ඉතිහාසයේ ප්‍රථම වතාවට වනජීවී ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීම අද (21) දින ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේදී සංකේතාත්මකව පැවැත්විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළි ගොඩනගමින් පරිසර සංරක්ෂණය සිදු කිරීමත්, වනජීවී අපරාධ වැළැක්වාලමින් වනජීවී නිළධාරීන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීම උදෙසාත් නව රජයේ වැඩපිළිවෙළක් ලෙස මෙම නිළධාරීන් සඳහා පදක්කම් පිරිනැමීම සිදු කර ඇත.

වනජීවී ක්ෂේත්‍ර නිළධාරීන් 30 දෙනෙක්ගේ සේවා කාලය සහ වනජීවී ක්ෂේත්‍රය පිළිබඳව ලබාගත් අධ්‍යාපන නිපුණතාවයන් ඇගයීමට ලක්කරමින් රන් ,රීදී සහ ලෝකඩ අලේපිත පදක්කම් පළඳවා තිබේ.

මෙහිදි වනජීවී නිළධාරීන්ගේ කැපවීම ක්ෂේත්‍ර නිපුණතාව, න්‍යායාත්මක පුහුණුව, ක්ෂේත්‍ර කාර්යසාධනය, විනය, විශේෂ මෙහෙයුම් සඳහා ඇති කැපවීම ආදිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී ද මෙවැනිම පදක්කම් පැළඳවීමට නියමිතයි.

වනජීවී සම්පත සුරක්ෂිත කිරීම සදහා රජය විසින් මේ වන විට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහන් රම්භ කර තිබෙන අතර විශේෂයෙන් වසර ගනණාවක් පුරා පැවති වනජීවී නිළධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු වූ අතර අලි වැට නඩත්තු කටයුතු සඳහා බහුකාර්‍ය සංවර්ධන නිළධාරීන් ස්ථිර ලෙස රාජ්‍ය සේවයට බදවා ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top