2024 වසරේ ගිම්හාන ඍතුවේ සංචාරය කළ යුතු ම රටවල් තුන අතරට ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාව ද නම් කර තිබේ.
ග්‍රීසිය සහ මොරිෂියස් රාජ්‍ය අනෙකුත් රටවල් දෙකයි.
ජාතික උද්‍යාන 22ක් ඇති ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම ගමනාන්තයක් බවයි එහි දක්වා ඇත්තේ.
කොවිඩ් වසංගත සමයට පසුව ලොව පුරා සංචාරක කර්මාන්තය යථා තත්වයට පත් වෙමින් තිබෙන බව ෆෝබ්ස් සඟරාව පවසයි.