එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වෙත පනවා ඇති නව බද්ද සම්බන්ධයෙන් මෙරට රජය පාර්ශ්වයේ පළමු ප්‍රතිචාරය පළ කර තිබේ. ඒ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසිනි.
ඇමැතිවරයා පවසන්නේ, මෑතකදී පනවන ලද එක්සත් ජනපද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජය භාර ගන්නා බවයි.
ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ප්‍රවේශමෙන් අත්වැල් බැඳගෙන කටයුතු කිරීම තුළින් රජය ආර්ථිකය සහ ජාතියේ අනාගතය ආරක්ෂා කරන බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන තීරුබදු නිවේදනය එක්සත් ජනපදය සමඟ දිගුකාලීන ආර්ථික සබඳතා ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට ඇතුළුව ගෝලීය වෙළඳාමට නව පීඩනයක් එක් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය වූවක් නොවන බවත් එය අතීත ප්‍රතිපත්තිමය දිශාවන් මගින් හැඩගැසුණු ව්‍යුහයක් පිළිබිඹු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පෙන්වා දෙයි.
මෙය බිය වීමට මොහොතක් නොව අවධානය යොමු කිරීමට මොහොතක් බව පවසමින්, රජය අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාව සන්සුන්ව, විශ්වාසයෙන් සහ එක්ව ඉදිරියට යන බවත් ඔහු කියා සිටී.