පසුගිය වසරේ සංචාරක කර්මාන්තය, සෘජු විදේශීය ප්‍රේෂණ සහ කොන්සියුලර් සේවාවන්වලින් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.6ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විිජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) විදේශ අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ඉතිහාසයේ වැඩිම සංචාරක සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය වසරේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සංඛ්‍යාව 2,362,000 ක් වූ බව සඳහන් කළේය.
එසේම පසුගිය වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම පසුගිය වසරේ විදේශීය ප්‍රේෂණ වාර්තාගත අගයක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7.8ක් බව සඳහන් කළේය.
තවද කොන්සියුලර් සේවාවන් සැපයීම මගින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 576.9ක් බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරක කර්මාන්තය යම් අවිනිශ්චිත තත්වයක පැවතියද සංචාරක අමාත්‍යංශය සෙසු ආයතන සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම හේතුවෙන් නැවත මෙරටට සංචාරකයන් පැමිණෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වනවිට සියයට 15ක සංචාරක වර්ධනයක් ඇති බවද සඳහන් කළේය.
එසේම මෙම සුළිකුණාටුව සමග විශාල රටවල් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිම මූල්‍ය ප්‍රදානයක් සිදු කළේ මාලදිවයිනෙන් බවත් එම මුදල රුපියල් ලක්ෂ 725ක් බව පැවසීය.
එසේම ජපානයෙන් රුපියල් ලක්ෂ 596ක් ද ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් රුපියල් ලක්ෂ 440ක් ද ලැබූ බව හෙතෙම කීය. ඒ අනුව මේ වනවිට රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් මෙරටට ලැබී තිබේ.





