/ Oct 19, 2025

රට විරුවන් ලොකු මුදලක් එවලා : රෙකෝඩ් කඩන ලකුණු!

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් එවා ඇතැයි වාර්තා වේ. එය පසුගිය වසරේ එම මාසයේ ලැබී තිබූ ඇමරිකානු ඩොලර් 555.6ට සාපේක්ෂව 25.2% ක පමණ වර්ධනයක් බව දැක්වේ.

මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.81කි. එයද පෙර වසරට සාපේක්ෂව 20%ක වර්ධනයකි.

2018 වසරෙන් පසුව වසරක් තුළ ලැබුණු ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේදී මෙරටට ලැබෙනු ඇති බව අනුමාන කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top