/ Dec 29, 2025

2025 විදේශ ප්‍රේෂණ බිලියන 7 පනී!

විදේශ සේවා නියුක්තිකයන්ගෙන් 2025 වසරේ මේ දක්වා ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසින් සටහන් වී තිබේ,

ඒ අනුව 2025 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් ලෙසින් සටහන් වී ඇති අතර මෙය 2024 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේ දී 20.7%ක වර්ධනයක් බව මහ බැංකුව දක්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top