තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී රජයට පාඩු සිදුව ඇති බවට චෝදනාවක් සම්බන්ධයෙනි.
එහිදී ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනමා ඇති බව සඳහන්.
ඒ අනුව එහිදී රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මතයි හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අද (02) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ.