/ Jun 18, 2025

බිරිය සහ අනියම් බිරිය දෙදෙනාම මැරූ හිටපු සිවිල් ආරක්ෂක අල්ලයි

කුළුගෙඩියකින් පහරදී සිය අනියම් භාර්යාව මරා දමා සැඟවී සිටි හිටපු සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ යග­ම්වෙල මණ්ඩ­කො­ණ්ඩාන දුම්ම­ල­සූ­රිය කොහු මෝලක සේවය කර­මින් සිටි මල්විල සේන­පුර වැලි­කන්ද ලිපි­නයේ පදිංචි පුද්ග­ල­යෙකි.

මෙයට පෙර මෙම සැකකරු සිය බිරිඳ වෙනත් අයෙකු සමඟ නිදි යහනේ සිටිනු දැක ඇගේ ගෙල වෙන් වන සේ මන්නයකින් කපා ඝාතනය කිරීමටද සැකකරුවෙක් බව පොලිසිය කියයි. බිරිඳ සමඟ සිටි පුද්ගලයාගේ දෙඅත් වෙන්ව යන ලෙස මොහු මන්නයෙන් පහර දී ඇති අතර ඔහු දිව ගොස් දිවි බේරාගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවතියදී මෙම සැකකරු අනියම් බිරියද ඝාතනය කර  වෙන්න­ප්පුව ප්‍රදේ­ශයේ කොහු මෝලක සේවය කර­මින් සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සමත් වී ඇත. සැක­කරු අනි­යම් බිරිය ඝාත­නය කර එම ප්‍රදේ­ශ­යෙන් පලා විත් නාත්ත­න්ඩිය, මාර­විල ආදී ප්‍රදේ­ශ­වල කොහු මෝල්වල සේවය කර ඇති බවට ද කරුණු ඉදි­රි­පත් වී ඇතැයි පොලී­සිය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top