/ Jun 02, 2025

හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා දෙවැනි වතාවටත් හෙරොයින් සමඟ දැලේ

හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බවට සැකපිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු ලෙස කලක් කටයුතු කළ ෂෙහාන් මධුසංඛ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙයට පෙරද ඔහු හෙරොයින් ළඟ තබා ගැනීම නිසා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇතැයි පොලිසිය පවසයි. 

ලැබුණු ඔත්තුවක් මත නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු ලබා තිබූ කුසලානවල සඟවා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බව පැවසූ පොලිසිය ඔහුට රැඳවුම් නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව ඔහු ජුනි 01 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නේ ය.

මෙයට පෙර මෙම ක්‍රීඩකයා හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔහු සමඟ පැවැති ගිවිසුම අවලංගු කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top