/ Jan 23, 2026

ඇප ලැබුණත් හිටපු ඇමති යළි සිරගෙට!

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (08) දහවල් නියම කර තිබුණි.

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top