2016-2017 කාලවකවානුවේ සබරගමු පළාත් මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය තනතුර දරමින් සිටියදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුව ඇති බව කියන මූල්‍ය වංචා හේතුවෙන් හිටපු පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ලබන මස 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙම චෝදනාවලට අදාළව ඔහු ඊයේ (17) දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවයි.