/ May 29, 2025

එන්නතක් නිසා හිටපු මන්ත්‍රීට සිහිමූර්ජා වෙලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකුද වූ ගාමිණී තිලකසිරි සිය කනෙහි පිටුපස හටගෙන තිබු ගැටිත්තකට ප්‍රතිකාර ලැබීමට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුළුවීමෙන් පසු ලබා දුන් එන්නතක් විෂ වූ බවත් එයින් තමා මූර්ජා තත්වයට පත් වූ බවත් චෝදනා කරයි.

තමාට ඇති වූ අසාත්මිකතාව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර සති දෙකක් ඉක්ම ඇතත් කිිසු සාධාරණයක් ඉටු නොවූ බවද ඔහු කියා සිටී. තමාගේ අසාත්මිකතාවන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැනුවත් කර තිබුණු බැවින් මේ සම්බන්ධයෙන් සියලු වගකීම රෝහල් කාර්යමණ්ඩලය සතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

රෝහලට අදාළ පැමිණිලි විමර්ශනය සඳහා නීතිඥයෙකුගෙන් යුත් කමිටුවක් ඇති බවත් එම විමර්ශන කමිටුව හරහා පැමිණිලි විමර්ශනය කරන බවත්, කවුරුන් හෝ පැමිණිල්ලක් කර ඇත්නම් ඉදිරියේදී ඒ ගැන කටයුතු කෙරෙනු ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top