/ Apr 07, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ අත්අඩංගුවට!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේ ම හිටපු ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකුද වූ සරත් කෝන්ගහගේ සහ එම සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කළ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මෙසේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු කර ඇත.

කෝන්ගහගේ වසර කිහිපයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top