/ Oct 19, 2025

පොලිසියේ යකා නැටූ හිටපු සභාපති අත්අඩංගුවට

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආණමඩුව පොලිසිය අද (16) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වුු ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ උදාර මධුශංඛ පෙරේරා නමැති අයෙක් වන අතර මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස් ස්ථානයට කඩා වැදි එහි දි අශෝභන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියකුට ද අශෝභන ආකාරයෙන් බැණ වැදී ඇති බව සඳහන් වෙයි.

එහිදි අදාළ තැනැත්තාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව සඳහන් අතර අත්අඩංගුවට ගත් හිටපු සභාපති අද (16) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top