/ Jul 26, 2025

පලස්තීනය සම්බන්ධයෙන් ප්‍රංශයෙන් වැදගත් තීන්දුවක්

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ප්‍රංශය තීරණය කර ඇතැයි එරට ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනපතිවරයා පවසා ඇත්තේ එළැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී එය ප්‍රකාශයට පත් කරන බවයි.

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්න පළමු බටහිර බලවත් රාජ්‍ය ලෙස ප්‍රංශය කැපී පෙනී. ප්‍රංශය යන මග යමින් තවත් බටහිර බලවත් රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනු ඇති බවත් එය ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කර තිබෙන ම්ලේච්ඡත්වයට එරෙහි දැවැන්ත අභියෝගයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top