/ Feb 13, 2026

24වැනිදා සිට බස් ගාස්තුවත් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්!

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද (14) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව මෙය ක්‍රියාත්මක කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top