/ Mar 19, 2026

අද සිට ඉන්ධන ඔත්තෙ – ඉරට්ටේ අංක අනුවයි

මැද පෙරදිග යුද තත්වය නිසා සීමා කර ඇති ඉන්ධන බෙදා හැරීම් සඳහා හඳුන්වා දුන් QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම අද (19) සිට සිදුවන්නේ වාහනයේ අංකය අනුව ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයටයි. ඒ අනුව තවදුරටත් ඉන්ධන ලබා ගැනීමේ පෝලිම් අඩු කිරීම අපේක්ෂා කෙරේ.

අද දිනය 19ට අදාළව, ඔත්තේ දිනයක් බැවින් වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී.

QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින් හට ද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top