හිටපු අමාත්‍ය උදය ගමන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එක්ක වී තිබුණි.
කෙසේ වෙතත් ඉකුත් මාර්තු මස 24 වනදා කොළඹ මහාධිකරණය අදාළ චෝදනාව සම්බන්ධයෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කර තිබුණි.
ඒ අනුව ඔහු, සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණ ද පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය.
තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළේය.