ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතා මතය ගැන සිදුකර තිබෙන රහසිගත සමීක්ෂණයක ප්‍රතිඵලය නිසාවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ පෞද්ගලික ආයතනයක් මඟින් එම සමීක්ෂණය සිදුකර තිබෙන අතර මීට සති දෙකකට පෙර එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් ඒ අනුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය 24.7%ක් දක්වා පහත වැටී ඇති බවත්ය.
පළාත් සභා මැතිවරණය දැන් පැවැත්වුවහොත් එකදු පළාත් සභාවක් හෝ ජයගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව තිත්ත ඇත්ත බවද උදය ගම්මන්පිල මහතා කියා සිටියි.
මෙවැනි තත්ත්වයකට පත් වූයේ පුංචි ජන්දයෙන් පසු ආණ්ඩුව කලබැගෑනිගොඩකට මුහුණ දුන් නිසා බවයි ඔහු පවසන්නේ.
”ඔය පුංචි ජන්දෙන් පස්සේ තමයි රණවිරුවාට සෙබළා කිව්වේ. මුතුකුඩයක් කැඩෙන්න භික්ෂුන් වහන්සේලාට ගැහුවේ. උතුරු පළාතට බෞද්ධයන් එන්නේ වෛරය පතුරුවන්න කිව්වේ,මාලිමාවේ නායකයින්ගේ වත්කම් හෙළිවුණේ. ඒවගේම ගල් අඟුරු වංචාව, ලුණු වංචාව වගේ වංචාවන් හෙළිදරව් වුණේ. ආණ්ඩුවේ වරදින් දිට්වා කුණාටුවෙන් රටට මහා විනාශයක් සිද්ධ වුණේ. ඒ නිසා මේ වන විට ආණ්ඩුවේ ජන්ද පදනම 25%ට බැහැල කියන එක තේරුම් ගන්න පුළුවන් කාරණයක්. අපට තේරුම් ගන්න බැරි කාරණය තමයි මෙච්චර අසාර්ථක, මෙච්චර බොරු කියන, රටට විරුද්ධ ආණ්ඩුවක් සමඟ තවමත 25%ක් ඉන්නේ ඇයි කියන එක විතරයි.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.




