/ Jan 24, 2026

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුම ; තවත් දෙදෙනෙකුට මාංචු

ව්‍යාපාරිකයෙකු වූ ගම්පහ ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, විශේෂ කාර්ය බලකාය විසිනි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 09ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී ද අදාළ ඝාතන සැලසුමට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු T -56 ගිනි අවි දෙකක් සමග ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

අදාළ සැකකරුවන් සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top