ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකාර වෙඩික්කරු ලෙස සැලකෙන සලිඳු දිල්ෂාන් පියුමංග ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එදින සැකකරු හඳුනාගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් තැනැත්තා ද මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.
රැඳුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
තව ද මෙහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුනේ අදාළ සැකකරුවන් හට බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කරන ලෙසටයි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනයට ලක් වූ ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වූ ගණේමුලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් වෙත චෝදනා එල්ල වී තිබේ.