නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ට ද අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.
කෙසේ වෙතත් එම බංගලාවේ කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට ඉකුත් දා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කරනු ලැබීය.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් ද එහි ලැගුම් ගැනීමට තමන්ට ද අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බැලෙන බව සඳහන්.