හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිදිරි කතකගේ වාහනයේ තිබී හමුවූ රන් ආලේපිත ටී56 වර්ගයේ ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල දේශපාලකයෙකුට අයත් එකක් යැයි මේ වන විට හෙළිදරව් වී තිබේ.
හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුද වන මොහු මීට මාස 6කට පමණ ඉහතදී සිය අරක්කැමියා මාර්ගයෙන් තම හිතවතියක වන මෙම කාන්තාවගේ නිවසට බෑගයක දමා ගිනි අවිය එවා ඇත. එහි ඇත්තේ මොනවාදැයි නොදැන එම කාන්තාව මෙම බෑගය ලබාගෙන ඇතැයි කියැවේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු විනෝදගමනක් යෑමට බෑගය ලබාගෙන ඇති අතර එහිදී වාහනයේ ඩිකියේ තිබුණු ගිනි අවිය නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශ විසින් දැක පොලිසියට දැනුම් දී තිබේ.
පසුව එම නිවස හිමි කාන්තාව සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන විමර්ශන කරද්දී ඉහත තොරතුරු හෙළිව තිබේ.
උතුරු මැද පළාත නියෝජනය කරන බව පැවසෙන මෙම දේශපාලනඥයා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහුගේ අරක්කැමියා සොයා විමර්ශන ක්‍රියාත්මක වෙයි.
සොයාගත් ගිනි අවිය සඟවා තැබූ හේතුව සහ එයින් මෙයට පෙර කර ඇති අපරාධ ඇතිදැයි විමර්ශන අංශ දැඩිව සොයා බලන බව වාර්තා වේ.