/ Nov 13, 2025

රියදුරු බලපත්‍ර එක් දින සේවාව ගැන සුබ පුවතක් : තමන්ගේ පළාතෙන්ම ගන්න ක්‍රමයක්!

එක් දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම පිටපළාත් වෙතින් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙහි පළමු අදියර ලෙස ලබන වසරේ සිට කුරුණෑගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලවලින් සිදු කිරීම ඇරඹෙනු ඇත.

දැනට මෙම එක්දින සේවාව සිදු කරනු ලබන්නේ වේරහැර සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලින් පමණි.

දැනට දිස්ත්‍රික් 12ක් පමණ වේරහැර කාර්යාලය සමඟ පද්ධතිගත කර ඇති බවත් තවත් 13ක් එසේ කිරීමට නියමිත බවත් නුදුරේදී එම කාර්යාල වෙතින් ද එක්දින සේවාව ලබා දීමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top