/ Feb 05, 2025

අස්වැසුම නොලැබුණු පිරිසට රජයෙන් සුබ ආරංචියක්

ASWESUMA

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම පවසයි.

ඊට සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඔහු අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.

“අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තවමත් ප්‍රතිලාභ නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ වන විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා,

තොරතුරු ගොනු කරගෙන තියෙනවා, විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා ඒවා නැවත වතාවක් නිසි ලෙස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා 2024 සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top