/ Jun 08, 2025

දළදා ප්‍රදර්ශනයට ආරක්ෂාව සලසන පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

Police commission goes up- TRAFFIC POLICE

“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් ලබා දුන් බව සඳහන්.

මේ අනුව විශේෂ රාජකාරි යෙදි සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රි කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top