/ Feb 05, 2025

පොල් අර්බුදයට රජයෙන් විසඳුමක්

coconut-import

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පැවසීය.

දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවයි එහි සභාපති ජයන්ත සමරකොන් සඳහන් කරන්නේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඔහු පැවසුවේය.

මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද ඊයේ (21) පැවති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top