2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය පක්ෂය බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
මේ දක්වා නිල වශයෙන් නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, පළාත් පාලන ආයතන 239 න් 200 ක බහුතරයක් ජාතික ජන බලවේගය විසින් ලබාගෙන ඇත.
නමුත්, ඔවුන් පැහැදිලි බහුතර බලය ලබාගෙන ඇත්තේ, පළාත් පාලන ආයතන 94ක පමණක් බව පෙනී යයි. එහිදී ඔවුන්ට තම පාලනය තනිව පිහිටුවා ගත හැකි අතර, ඉතිරි සභාවලදී, බහුතරයක් ලබා ගැනීම සඳහා ඔවුන්ට වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත.