/ Jan 30, 2026

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම නැවතත් රජයට පවරා ගැනේ!

නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී තිබේ.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති අතර බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023. 05. 24 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී තිබුණි.

අක්කරයක් රුපියල් 50,000ක පමණ මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොන්දේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ඉඩම පිහිටි ප්‍රදේශය දියලුම ඇල්ල ඇතුළු ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ගණනාවකට පහසුවෙන් ප්‍රවේශ වියහැකි ස්ථානයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top