/ Feb 05, 2025

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවෙන් තීරණයක්

TERRORISM ACT

නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පැවසීය.

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවද සභානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top