ආන්දෝලනයට තුඩු දී තිබෙන 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අද (07) දින විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි.
ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතියද හිමිව තිබේ.
ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම මෙම ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබෙන පැමිණිල්ලේ විමර්ශනද මේ වන විට සිදුවෙමින් තිබේ.





