/ Jun 01, 2025

අන්තරේ කැඳවුම්කරුට මාංචු

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රදිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකි.

මාලිගාකන්ද උසාවිය විසින් උසාවිය, කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ස්ථානයට ඇතුළත් වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 05 දක්වා නියෝගයක් ද ලබා දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top