නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අද (20) දිනයේ දී කොළඹ මහාධිකරණය වෙත රැගෙන විත් තිබූ අතර මාධ්‍යයට එම අවස්ථාව ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට නොහැකි වන ආකාරයට ආවරණය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබිණි.
2015-06-10 වනදා මුල්ලේරියාව ප්‍රදේශයේ මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී සිදුකළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් හරක් කටාට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා ඇති නඩුවක වැඩිදුර නඩු සාක්ෂි විභාගය සැකකරු අද අධිකරණයට ගෙන විත් තිබේ.
එහි දී එම නඩුවේ වැඩිදුර නඩු සාක්ෂි විභාගය ලබන 07 වන මස 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.
එම නඩුවේ සාක්ෂි විභාගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විමසීම කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.
එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සක්ෂි ලබාදීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි ඉන්ද්‍රානි ඩයස් නමැති පැමිණිල්ලේ සාක්ෂිකාරියට ඉදිරි නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය
“හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පසුගිය දා (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේ දී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේ දී ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඔහු පැවසුවේ, ‘කෝටියක් විතර වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි තිහක් දුන්නෙ නැති එකට. ඒක දාන්න’ යනුවෙනි.


