එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන් ප්‍රනාන්දු අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී වැඩ භාරගත්තේය.
අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ මේ වන විට වත්මන් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙනයමින් සිටින අතර ආණ්ඩුව තමන් නියෝජනය කරන පාර්ශවයට වඩා දක්ෂිණාංශික වී ඇති බවයි.
අයවැය මඟින් එය පැහැදිලි වන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව ආණ්ඩුවේ ඇත්ත හෙළිකිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් රැස්වීම් 1000ක් පැවැත්වීම යෝජනා වී ඇති අතර එහි වගකීම තමන්ට දැරීමට සිදුව තිබෙන බවද හරීන් ප්‍රනාන්දු සඳහන් කරන ලදී.
මේ අතර රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගනිමු යනුවෙන් ලබන මාසයේ තරුණයින් සඳහා නව වැඩසටහනක් පැවැත්වීමටද නියමිත බව ඔහු කියාසිටියේය.
අනතුරුව හැම මාසයකම සති දෙකකට සැරයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය ඉගෙන ගැනීමට තරුණයින්ට අවස්ථාව සලසා දීමට සූදානම් බව ඔහු පැවසීය.
මේ අතර ඔහු තවදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය කඩිනමින් එක්විය යුතු බවයි.
පක්ෂ නායකයින් හා තනතුරු දරන අයගේ මතය කෙසේවුවත් ගමේ පාක්ෂිකයාගේ ඉල්ලීම එය බව ඔහු සඳහන් කරන ලදී.






Spot on.