හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ඇත.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම මෙම තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
එසේම එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.





