/ Oct 18, 2025

හරිනි-මෝදී හමුව හෙට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම සඳහා හෙට (16) දිවයිනෙන් පිටත් වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

හෙට සිට එළැඹෙන 18 වනදා දක්වා මෙම සංචාරය පැවැත්වෙන අතර එම එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යතුමිය විසින් “අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම”යන තේමාව යටතේ NDTV ලෝක සමුළුවේදී දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top