“හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) රාත්‍රියේ රේගු නිලධාරීන් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, අත්අඩංගුවට ගෙන තිබුණි.
නීති විරෝධීව මෙරටට ගෙන ආ එම හෂීෂ් තොගයේ වටිනාකම රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
.