කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් තුළ සිටි කාන්තාවක් සන්තකයේ තිබී T56 ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
මෙම කාන්තාව අදාළ ගිනි අවිය ගමන් මල්ලෙහි දමා රැගෙන යන අයුරු එම නිවාස සංකීර්ණයේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු දැක පොලිසියට දැනුම් දී ඇත.
අනතුරුව වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය සහ අදාළ සැකකාරිණිය අත්අඩංගුවට ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.