/ Jun 08, 2025

කොවිඩ් ඇතුළු රෝග පැතිරීම, මුව ආවරණ ගැන සෞඛ්‍ය ලේකම් කියයි

කොවිඩ් ඇතුළු මේ දිනවල පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දේ.

ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් රෝගීන් වාර්තාවීම වැඩිවීමක් පෙන්නුම් කළද වසංගත තත්වයක් නොවන බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි.

“අපි හැමෝම දන්න දෙයක් තමා පහුගිය කාලයේ බැලුවහම ජුනි, ජුලි මාසවල තමා ඩෙංගු රෝගය වැඩිවෙන්නේ. මේ මදුරුවාම තමා විකුන්ගුන්යා රෝගයත් පතුරවන්නේ. මේ රෝග දෙකම වැඩිවීමේ අවධානමක් තියෙනවා. දැනට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. එමඟින් සමහර වයස් කාණ්ඩවල අයට බරපතළ තත්ත්වයන් ඇති වෙලා සමහර විට මරණය පවා ඇති විය හැකියි.”

“වෛරස් ස්වසන රෝගයක් ඇති වුවහොත් මුඛ ආවරණ පැලඳීම හොඳයි අනිත් අයට බෝවීම වැළැක්වීම සඳහා. යම් ගැටලුවක් ආවා මුඛ ආවරණ පලඳින්න කියලා නිවේදනයක් නිකුත් කිරීම නිසා. යම් දෙයක් ජනතාවට දැන්විය යුතු නම් අපි පසුබසින්නේ නෑ. මුඛ ආවරණ දැමිය යුතු නම් අපි කියනවා දැමිය යුතුයි කියලා. නමුත් පැහැදිලි ලෙසම මේ අවස්ථාවේ අවශ්‍ය නෑ. මේක සාමාන්‍ය වෙලා. ඒ නිසා තමා විශාල වශයෙන් සංකූලතා, මරණ ඇති වෙන තත්ත්වයක් දැන් නෑ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top