/ Jun 15, 2025

නැවත තද වැසි: අවවාදාත්මක නිවේදනයක්!

Heavy rains again: Warning announcement!

කාලගුණ විද්‍යා දෙපාර්තේම්න්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ තද වර්ෂාව සම්බන්ධයෙනි.

අද (11) උදෑසන සිට හෙට උදෑසන දක්වා වලංගු එහි දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවරඑළියට, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මි. 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.

උතුරේ පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, වැසිවාර කිහිපයකි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top